11th February 2019 22:01:12 Hours
කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරාගේ මග පෙන්වීම යටතේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ඩයලොග් ආසිආටා පීඑල්සීහි සහයෝගිතාවය හා මගපෙන්වීම යටතේ සංවිධානය කරන ලද සෙනෙහෙ සියපත වැඩසටහනේ සිව්වන අදියර ලෙස පාසල් සිසු සිසුවියන් සඳහා පාසැල් බැග් සහ ලිපිද්‍රවය බෙදාදිමේ වැඩසටහනක් 2019 පෙබරවාරි මස 07 සහ 08 යන දිනයන්හිදි පවත්වන ලදී.
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පාසල් 04ක ගංවතුරින් පීඩාවට පත් වූ සිසු සිසුවියන් 423 දෙනෙකු සදහා ආධාර ලබා දුන් අතර, පාසැල් ගුරුවරුන් එම ආයතන සහ යුද්ධ හමුදාව වෙත ගෞරවනිය ස්තුතිය පුද කරන ලදි.