Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

29th June 2018 22:09:24 Hours

කිළිනොච්චි යුද හමුදා‍ විසින් සිවිල් වැසියන් සදහා වෛද්‍ය සායනයක් සංවිධානය කරයි.

කිලිනොච්චි ආරක්ෂ‍ක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 571 වන බලසේනා බළප්‍රදේශයේ ස්ථානගත 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සෙබලුන් විසින් කිලිනොච්චි, මලයලපුරම් ගම්මානයේ අඩු ආදායම්ලාභි පවුල්වල සිවිල් වැසියන් වෙනුවෙන් වෛද්‍ය සායනයක් මලයාලපුර ගම්මාන මධ්‍යස්ථානයේ දී පවත්වනු ලැබීය.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ උපදෙස් මත 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ අධික්ෂණය යටතේ, කිලිනොච්චි මූලික රෝහලේ වෛද්‍ය නිලධාරීන්ගේ සහයෝගය ඇතිව මෙම වෛද්‍ය සායනය පැවැත්විණි.

වෛද්‍ය සායනය සඳහා ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි සිවිල් වැසියන් විශාල පිරිසක් සහභාගි විය.