19th March 2019 15:11:41 Hours
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරාගේ මගපෙන්විම යටතේ 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ අධික්ෂණයෙන් මොහොමඩ් රාෆි පදනමේ සහයෝගය ඇතිව ඉන්දීය සංගීත ප්‍රසංගයක් 2019 මාර්තු මස 16 වන දින කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාල ක්රිඩංගණයේදී පවත්වන ලදී.
මෙම සංගිත ප්‍රසංගය පැවැත්විමේන් යුද්ධ හමුදාව සහ සිවිල් ජනතාව අතර සම්බන්ධතාවය ශක්තිමත් කරගැනිම මෙහි ප්‍රධාන අරමුණ විය. තවද මෙම සංගිත ප්‍රසංගය සදහා ඉන්දිය ගායක ගායිකාවන් සහ ශ්‍රි ලාංකිය ගායික ගායිකාවන් සහභාගි වු අතර යුධ හමුදා නර්තන කණ්ඩායම නර්තනයෙන් විචිත්‍රවත් කරන ලදි.
මෙම අවස්ථාව සදහා 57 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය, 65 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම, ගයාන්ස්තලී භාෂා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා අමිලි වීරක්කොඩි මහත්මිය, වරුණි නානායක්කාර, හින්දි ගුරුතුමන්, කලාකරුවන්, යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සිවිල් වැසියන්ක 4000ට වැඩි පිරිසක් සහභාගි වන ලදි.