Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

05th September 2018 15:48:38 Hours

කිලිනොච්චි 653 වන බළසේනාවේ භඨපිරිස් විසින් මයිල්වහනම් පෙර පාසලේ ප්‍රජාසත්කාර වැඩසටහනක්

කිලිනොච්චි ආරකෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් වලට අනුව 651 බළසේනාවට අයත්ව රජකාරි නියුතු 21 වන ශ්‍රි ලංකා පාබල බළඇණියේ භට පිරිස් විසින් 2018 සැප්තැම්බර් මස 03 වන දින මයිල්වහනම් පෙරපාසල් භූමි පරිශ්‍රය සුද්ධ පවිත්‍ර කිරිමේ වැඩසටහනක් පවත්වන ලදි.

කිලිනොච්චි ආරකෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ සංකල්පයන්ට අනුව සිදුකරනු ලබන ප්‍රජාසත්කාර වැඩසටහන් වලට සමගාමිව මෙම ශ්‍රමදාන වැඩසටහන 65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පේරුමගේ මඟපෙන්වීම යටතේ 653 වන බළසේනාවේ බළසේනාධිපති කර්නල් ‍රොබින් ජයසුරිය සංවිධානයෙන් සිදුකරන ලදී.

මෙම ශ්‍රමදාන වැඩසටහන සදහා 21 වන ශ්‍රි ලංකා පාබල බළඇණියේ 01 X 30 භඨ පිරිස්ගේ ශ්‍රමදායකත්වය ඇතිව පාසල් භුමි පරිශ්‍රය පිරිසිදු කරනු ලැබීය.