Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

08th January 2019 21:25:31 Hours

කිලිනොච්චි හමුදා භට පිරිස් විසින් සමාජසත්කාර වැඩසටහන් සිදු කිරිම.

කිළිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරාගේ සංකල්පයකට අනුව 57 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ අධීක්ෂණයෙන් 573 වන බලසේනාධිපතිගේ මග පෙන්විම යටතේ යුද්ධ හමුදා භට පිරිස් විසින් 2019.01.04 වන දින සමාජසත්කාර වැඩසටහන් පවත්වන ලදි.

මෙම සමාජසත්කාර වැඩසටහන සදහා 573 වන බළසේනාව යටතේ ඇති 1 වන සිංහ රෙජිමේන්තුව සහ 15 වන සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් සිදු කර ඇත. 1 වන සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ලිං 138 සුද්ද පවිත්‍ර කර අතර, 15 වන සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් වඩ්ඩකච්චි රජයේ දමිල මිශ්‍ර පාසල අවට භුමිය සුද්ද පවිත්‍ර කරන ලදි.