Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

14th February 2020 20:04:43 Hours

කිලිනොච්චි හමුදා භට පිරිස් විසින් ප්‍රජාසත්කාර වැඩසටහනක් පවත්වනු ලබයි

57 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් බි පි එස් ද සිල්වා ආර්එස්පී අධීක්‍ෂණය යටතේ 574 බලසේනාවේ බලසේනාධිපති ගේ මගපෙන්විම මත 72 වන නිදහස් දිනයට සමගාමීව මාන්කුලම් මූලික රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරිමේ වැඩසටහනක් 2020 පෙබරවාරි මස 03 වන දින පවත්වන ලදී. මෙම වැඩසටහන සදහා 574 වන බලසේනා මුලස්ථානයේ, 3 වන ගජබා රෙජිමේන්තුවේ සහ 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සෙබළුන් 2 X 30 සහභාගී විය.