02nd December 2019 12:15:23 Hours
කිලිනොච්චිය ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් ජි වි රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි එන්ඩියු අයිජි ගේ අධික්ෂණය යටතේ 57 වන සේනාංක මුලස්ථානයේ සම්බන්ධිකරණයෙන් කිලිනොච්චි ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන ජනතාව සඳහා පරිත්ත්‍යාග වැඩසටහනක් 2019 නොවැම්බර් මස 28 වන දින පවත්වන ලදි.
57 වන සේනාංකයේ පහසුකම් ගොඩනැගිල්ලේදි සංවිධානය කරන ලද මෙම පරිත්‍යාග වැඩසටහන යටතේ පවුල් 20 කට සූර්ය පැනල සහ සිසුන් 100 දෙනෙකුට ක්‍රීඩා භාණ්ඩ හා ලිපි ද්‍රව්‍ය ඇසුරුම් ලබා දෙන ලදි.
57 වන සේනාංකයේ සෙනංකාධිපති, බලසේනාධිපති වරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ අනෙකුත් නිලයන් සහ ප්‍රදේශයේ පූජක පියවරුන් සහ සිවිල් වැසියන් මෙම අවස්ථාවට සහභාගී වූහ.