Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

12th September 2018 21:51:43 Hours

කිලිනොච්චි යුද හමුදා සාමාජිකයින් සදහා කැමරාකරණය පිළිබදව දැනුවත් කිරිමේ වැඩමුළුවක් පැවැත්විම

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ උපදෙස් මත කිළිනොච්චි බළප්‍රදේශයේ මාධ්‍ය රාජකාරි කරනු ලබන යුද හමුදා සාමාජිකයින් නිෂ්චල කැමරා හා විඩියෝ කැමරාකරණය පිළිබද දැනුවත් කිරිමේ තෙදින වැඩමුළුවක් ජාතික රුපවාහිනි සංස්ථාවේ සහ ලේක් හවුස් ආයතනයේ පුර්ණ මැදිහත්විම මත භාරතියපුරම් යුද හමුදා උසස් පාබල පුහුණු පාසල තුලදි 2018 සැප්තැම්බර් මස 03,04 සහ 05 යන දිනයන්හිදි පවත්වන ලදී.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිගේ උපදෙස් මත ක්‍රියාත්මක කරනු ලැබු මෙම වැඩමුළුවේ අරමුණ වනුයේ යුද හමුදාව තුල දක්‍ෂ සහ පලපුරුදු ඡායාරුප ශිල්පීන් පිරිසක් බිහිකිරිම වේ.

මෙම තෙදින වැඩමුළුව ජාතික රුපවාහිනි ස්ංථාවේ කැමරා නියෝජ්‍ය අධ්‍යක්‍ෂක ජයනිමල් පෙරේරා, නියෝජ්‍ය අධ්‍යක්‍ෂක පටිගත කිරිම් තිලක් තිසේරා, ජ්‍යෙෂ්ඨ කැමරා ශිල්පි අශෝක ජයසේකර සහ ලේක් හවුස් ආයතනයේ ජ්‍යෙෂ්ඨ ඡායාරුප ශිල්පීන් දෙපලක් වන තිලක් පෙරේරා හා සුසන්ත විජේගුණසේකර යන මහත්වරුන් විසින් මෙහෙය වන ලද අතර, ඒ සදහා යුද හමුදා සාමාජිකයින් 50 දෙනෙකු සහභාගිවන ලදි.