Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

13th February 2020 18:39:28 Hours

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථාන ආඥාපති 65 වන සේනාංක මුලස්ථානයේ සංචාරය

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් එච් එම් ජේ කේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩිසි පීඑස්සී විසින් 2020 ජනවාරි මස 30 වන දින 65 වන සේනාංකය ඇතුළුව එ යටතේ ඇති බසේමු සහ ඒකකයන්හි සංචාරයක් නිරත විය.

65 වන සේනංකයේ සේනංකාධිපති බ්‍රිගේඩියර් ඩිඑම්එච්ඩි බංඩාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි විසින් ආඥාපති තුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදි. ඉන්පසුව මේජර් ජෙනරාල් එච් එම් ජේ කේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩිසි පීඑස්සී විසින් 65 වන සේනාංකයේ පළමු නිල සංචාරය සනිටුහන් කිරීම සඳහා පැළයක් රෝපණය කරන ලදි.

65 වන සේනාංකයේ සේනංකාධිපති, 651 සහ 653 වන බලසේනාවේ බලසේනාධිපති වරුන් විසින් සේනාංකයට සහ බලසේනාවන් වෙත පවරා ඇති ක්‍රියාන්විත සහ පාලන රාජකාරින් පිලිබදව ඉදිරිපත් කිරිමක් මගින් ආඥාපති තුමන් දැනුවත් කිරිමෙන් පසු බලසේනා මුලස්ථාන සහ ඒකකයන්හි සංචාරය කරන ලදි.

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මූලස්ථාන ආඥාපති විසින් නිලධාරින් සහ සෙසු නිලයින් ඇමතුමෙන් පසුව සියළු නිලයින් සමග තේ පැන් සංග්‍රහයකටද සහභාගි වන ලදි. අවසානයේදී ආඥාපති විසින් කඳවුරු භූමිය තුළ කෙටි සංචාරයක් කරන ලදි.

පසුව, කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මූලස්ථාන ආඥාපති 653 බලසේනා මුලස්ථානය සහ 17 (සෙව්) ශ්‍රිලපාහ සංචාරය කරන ලදි. ඉන් පසුව බලඇණි පුහුණු පාසල මුලංකාවිල් වෙත සංචාරය කරන ලදි. එහිදී ආඥාපති විසින් බලඇණි පුහුණු පාසලේ පුහුණුවන්නන් සඳහා ඇති පහසුකම් පරීක්‍ෂා කළ අතර, භට පිරිස් ද අමතන ලදි. 19 ශ්‍රිලපාහ ඒකකයට ගොස් නිල සංචාරය අවසන් කරන ලදි.