29th July 2019 14:32:35 Hours
කිලිනොච්චි දිස්ත්‍රික්කය පුරා සිටින සිවිල් වැසියන්ගේ සහ යුධ හමුදා සෙබලුන්ගේ ප්‍රයෝජනය සදහා කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කරන ලද බහුවිධ සහ සුබසාධක ව්‍යපෘති පිලිබද දේශනයක් 2019 ජුලි මස 08, 09 යන දෙදින තුල ආරක්ෂක සේනා මුලස්ථාන ශ්‍රවණාගාරයේදි පවත්වන ලදී.
මෙම වැඩසටහන මෙහෙයවනු ලැබුවේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එන් කේ ජි කේ නැම්මවත්ත මහතා සහ මහවැලි සංවර්ධන අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ලතිකා හපුආරච්චි මහත්මිය විසින් මෙහෙය වූ අතර, මේ සදහා කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් ජී වී රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි එන්ඩියු අයිජි සහ තවත් ජේෂ්ඨ නිලධාරින්/ නිලධාරින් රැසක් මෙම දේශනය සදහා සහභාගී වූහ.
මෙම දේශනය සදහා පැමිණි අය වෙනුවෙන් කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජී වී රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්පි ආර්ඩබ්ලිව්පි එන්ඩියු අයිජි විසින් කෙටි පිළිගැනිමේ කථාවක් සිදුකල අතර, ඉන් පසු ආරක්ෂක රාජ්‍ය ලේකම් එන්කේඩි නැම්මවත්ත මහතා වෙත මෙම සංකල්පය හා ක්‍රමවේදය පිටුපස දැවැන්ත ව්‍යාපෘති ඉදිරිපත් කිරිම සදහා මග පෑදිය.
පසුව මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ලතිකා හපුආරච්චි මිය විසින් සමුහ අරමුදල් සැපයිමේ ව්‍යාපෘතිවල ප්රතිලාභ ගැන කෙටියෙන් විස්තර කලේය. මේ අතර පැමිණි අයවලුන් කාර්යභාරයන් හා දුෂ්කර කරුණු ප්‍රධාන මේසයට ප්‍රකාශ කලේය. දවසේ කටයුතු අවසන් කිරිම සදහා කිලිනොච්චි ආරක්ෂක සේනා අඥාපති විසින් ස්තූති කථාවක් කරනු ලැබිය.