Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

20th March 2018 12:34:18 Hours

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් අපොස (සා/පෙ) විභාගයෙන් විශිෂ්ඨ දක්ෂතා දැක්වු පාසල් දරු දැරියන් වෙත පාපැදි බෙදා දිම

කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ සංකල්පයකට අනුව ගුණජය සතුට පදනමේ පුර්ණ අනුග්‍රාහය මත 2018.03.14 වන දින කිලිනොච්චි ප්‍රදේශයේ අපොස (සා/පෙ) විභාගයෙන් දිස්ත්‍රික් මට්ටමින් විශිෂ්ඨ සාමාර්ථ ලබාගත් පාසල් සිසු සිසුවියන් දස දෙනෙකු වෙත පා පැදි බෙදාදිමේ මහගු සත්කාරයක් කිලිනොච්චිය ආරක්ෂක සේනා මුලස්ථානයේදි පවත්වන ලදි.

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අධ්‍යාපනය ලබන දරු දැරියන්ගේ චිත්ත ධෛර්ය වැඩි දියුණු කිරිම තුලින් අධ්‍යාපන මට්ටම ඉහල නැංවිම හා යුද්ධ හමුදාව සහ උතුරේ ජිවත්වන දමිල ජනතාව අතර සහජිවනය, සුහදත්වය සහ සංහිදියාව ඇති කිරිම මෙහි පරම අභිලාෂය වු අතර, මෙම විශේෂ අවස්ථාව සදහා කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති තුමන් සමගින් කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිළධාරින්, නිළධාරින්, ගුරුභවතුන් සහ පාසල් කිහිපයක සිසු සිසුවියන් ඇතුලු පිරිසක් සහභාගි වන ලදි.