Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

30th June 2018 21:59:41 Hours

කිලිනොච්චිය යුද හමුදාව විසින් පොසොන් පොහොය සමරයි.

මිහිදු මහ රහතන් වහන්සේගේ ලංකා ගමනය සිහිකිරිම වෙනුවෙන් පොහොය දින කිලිනොච්චිය අරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ උපදේස් මත 57 වන සේනාංකය සහ 65 වන සේනාංක බළප්‍රදේශයන් තුල පොසොන් පොහොය නිමිත්තෙන් 2018 ජුනි මස 27 වන දින වැඩසටහන් රාශියක් පවත්වන ලදි.

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ අධික්ෂණය යටතේ 574 වන බළසේනාංකය විසින් සංවිධානය කරනු ලැබූ මාන්කුලම් ශ්‍රි සුගත විහාරස්ථානයේදී බෝධි වන්දනා වැඩසටහන් අතුළු දර්ශනීය පහන් කූඩු ප්‍රදර්ශනය සහ බත් දන්සැල අති උත්කර්ශවත් අන්දමින් පවත්වන ලදී

.

පොසොන් පොහොය සනිටුවහන් කරමින් මාන්කුලම් ශ්‍රි සුගත විහාරස්ථානයේදී පවත්වන ලද බෝධි වන්දනා වැඩසටහන සදහා වැඩමවා වදාළ පූජ්‍ය ඇඹිලිපිටියේ බෝධිරාජ ධර්මායතනාධිපති බෝධිරාජා පදනමේ නිර්මාර්තෘ ශ්‍රි ලංකා රාමන්යන නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්්‍ය පූජ්්‍යපාද ඕමල්පේ සෝභිත නායක ස්වාමින් වහන්සේ සහ මාන්කුලම් ශ්‍රි සුගත විහාරාධිපති පූජ්්‍යපාද හිගුරකන්දේ සුමන ස්වාමින් වහන්සේ මෙම ආගමික වැඩසටහන සිදුකරනු ලැබූ අතර බෝධි වන්දනා වැඩසටහන සදහා ප්‍රදේශයේ පූජකවරුන් සිවිල් වැසියන් සහභාගි වන ලදී.

තවද පොසොන් පොහොය නිමිත්තෙන් 65 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර පීරිස්ගේ අධීක්ෂණය යටතේ එම සේනාංකය යටතේ පාලනය වන 652 වන බළසේනාංකය විසින් සංවිධානය කරනු ලැබූ දර්ශනීය පහන් කූඩු ප්‍රදර්ශනය සහ බත් දන්සැල ස්කන්ධපුරම් විද්‍යාල ක්‍රිඩාංගනයේදී පැවැත්වූ අතර ඒ සදහා ප්‍රදේශයේ සිවිල් වැසියන් විශාල පිරිසක් සහභාගි විය.

එම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් නිශ්ශංක රණවන සහභාගි වූ අතර, ජේ්‍යෂඨ නිළධාරීන්/නිළධාරින් සහ සෙසු නිළයින්ද ප්‍රදේශයේ ආගමික නායකයින් හා රාජ්‍ය නිළධාරින් සහභාගි වන ලදී.