04th September 2019 08:51:17 Hours
කිලිනොච්චිය ආරක්ෂක සේනා මුලස්ථානය ආඥාපති මේජර් ජෙනරාල් ජි වි රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි එන්ඩියු අයිජි ගේ මග පෙන්වීම යටතේ මානව හිමිකම් දේශනයක් කිලිනොච්චිය නෙළුම්පියස ශ්‍රවණාගාරයේදී 2019 අගෝස්තු මස 16 වන දින පවත්වන ලදී.
එම දේශනය සදහා වව්නියාවේ මානව හිමිකම් සභාවේ රෝහිත ප්‍රියදර්ශන මහතා මෙහෙයවූ අතර, දේශනය සදහා කිලිනොච්චිය ආරක්ෂක සේනා මුලස්ථානයෙහි බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් ඩී එම් එල් චන්ද්‍රසිරි ඩබ්ලිව්ඩබ්ලිව්පී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ලුතිතන් කර්නල් කේ එච් එන් පී හැන්නැදිගේ යන ජ්‍යෙෂඨ නිලධාරිතුමන්ලා සහ ජ්‍යෙෂඨ නිලධාරි/ නිලධාරි 26 දෙනෙකු සහ සෙසු නිලයින් 440ක් සහභාගී වූහ.