Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

11th February 2019 21:59:16 Hours

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මූලස්ථානය 71වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් සමාජසත්කාර වැඩසටහන් මාලවක් සිදුකරනු ලබයි

71 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චිය ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරාගේ මගපෙන්විම මත වැඩසටහන් මාලාවක් පෙබරවාරි මස 03 සහ 04 යන දිනයන්හිදී පවත්වන ලදී.

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේර්ජ ජෙනරාල් විජිත රවිප්‍රියගේ අධීක්‍ෂණය යටතේ කිලිනොච්චි පහසුකම් මධ්‍යස්ථානයේදී ලේ පරිත්‍යග කිරිමේ වැඩසටහනක් කිලිනොච්චි මහ රෝහලේ සහය ඇතිව පැවැත්වු අතර මේ සදහා භට පිරිස් 95 දෙනෙකු සහ සිවිල් වැසියන් 06 දෙනෙකු සහභාගී විය.

තවද 65 සහ 66 වන සේනාංකයන් විසින් සංවිධානය කරන ලද ශ්‍රමදාන වැඩසටහන් 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පේරුමගේ සහ 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් මංගල විජේසුන්දරගේ අධික්‍ෂණයෙන් මෙම ශ්‍රමදාන වැඩසටහන් පවත්වන ලදි.

එම ශ්‍රමදාන වැඩසටහන් අක්කරායන්කුලම් ප්‍රාදේශිය රෝහල, තේවන්පිඩ්ඩි රජයේ දෙමළ මිශ්‍ර පාසල, පුනරීන් රෝහල, වීරාව්ල් රෝහල, යන ස්ථානවල පැවැත්වු අතර වාට්ටු සහ අවට පරිසරය සුද්ධ පවිත්‍ර කරන ලදි. තවද එම රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් ආහරපානද ලබා දුන් අතර, මේ සදහා යුධ හමුදා භට පිරිස් 12x125 දෙනෙකු සහභාගි වන ලදි.