Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

11th February 2019 21:55:56 Hours

කිලිනොච්චියේ ගංවතුරෙන් අවතැන්වු ජනතාවට කුකුල් පැටවුන් බෙදාදිම.

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ සහභාගීත්වයෙන් කිලිනොච්චිය, මුරුසමොට්ටෙයි සහ උරියානි ප්‍රදේශවල ජිවත්වන ජනතාවගේ ර්ආථිකය ඉහල නැංවිමේ අරමුණුන් කුකුල් පැටවුන් බෙදාදිමේ වැඩසටහනක් 2019.02.02 වන දින පවත්වන ලදි.

බෙදාදුන් කුකුළු පැටවුන් 410ක් පවුල් 41කට බෙදාදුන් අතර මෙය සදහා හාර්ට් බිට් ගොඩනැගිමේ පදනම විසින් අනුග්‍රහය දක්වා ඇති අතර මේ සදහා 57 වන සේනාංකයේ මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ සහ 573 වන බළසේනාවේ බළසේනාධිපති ර්කනල් ජනක රණසිංහ යන ජේෂ්ඨ නිලධාරින්ගේ මගපෙන්විමෙන් මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.

මේ සදහා 573 වන බළසේනාවේ බළසේනාධිපති, ප්‍රවීන නිළියන් වන වීනා ජයකොඩි සහ සේමිණි ඉද්දමල්ගොඩ යන මහත්මීන් සහ ග්‍රාම නිලධාරින් ඇතුලු සිවිල් වැසියන් මේ සදහා සහභාගී වූහ.