Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

22nd April 2020 13:56:58 Hours

කිලිනොච්චියෙහි අඩු ආදායම්ලාභීන් සදහා වියලි සළාක මළු බෙදා දෙයි

කොවිඩ් 19 වෛරසය පැතිරීම සහ එය වැළැක්වීම සඳහා ගත හැකි සෑම ක්‍රියා මාර්ගයක්ම රජය විසින් මේ වන විට ක්‍රියාත්මක කර ඇති අතර, වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් එල්එච්එස්සී සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී විසින් මෙම වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග වලට පුළුල් සහයෝගයක් ලබා දී ඇත.

ඒ අනුව කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එච් එම් ජේ කේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ගේ ප්‍රධානත්වයෙන් 65 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් ඩී එම් එච් ඩී බංඩාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි පිඑස්සි ගේ සහභාගීත්වයෙන් කිලිනොච්චියෙහි පොන්නගර්, වෙල්ලන්කුලම් සහ උයිලන්කුලම් යන ගම්මාන වල ජීවත් වන අඩු ආදායම්ලාභි පවුල් 225 ක් සදහා වියලි සළාක මළු බෙදා දීමේ වැඩසටහනක් 2020 අප්‍රේල් මස 11 වන දින පවත්වන ලදී.

මෙම වියලි සළාක වටවල තේ කොල සමාගම සහ එහි ක්‍රියාකාරී හවුල්කරු මාස් වන් පුද්ගලික සමාගම අනුග්‍රහය දැක්විය. සෑම වියලි සළාක ඇසුරුමකටම සහල්, පරිප්පු, සීනි, තේ, සෝයා පැකට්, ළූණු, අර්තාපල්, හාල්මැස්සන්, ටින් මාළු සහ ලුණු පැකට් ඇතුළත් විය.