02nd December 2019 11:10:16 Hours
කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජී වී රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි එන්ඩියු අයිජි ගේ උපදෙස් මත මධ්‍යම ශ්‍රේණියේ නිලධාරීන් සදහා අත්දැකීම් සහ තොරතුරු හුවමාරු කරගැනීමේ දින 05ක වැඩමුළුවක් 2019 නොවැම්බර් මස 10 වන දින ආරම්භකරන ලදී. මෙම වැඩමුළුව සොෆ්ට් ස්කීල් ඉන්ට්රනැෂනල් නිලධාරීන් විසින් පවත්වන ලදී. මෙහිදී පෞද්ගලික කුසලතා, තොරතුරු කළමණාකරණය සහ ප්‍රසිද්ධ කථන ක්‍රියාවලිය පිළිබදව සාකච්ඡා කරන ලදී. මෙම වැඩමමුළුව සදහා 57, 65 සහ 66 සේනාංක නියෝජනය කරමින් නිලධාරීන් 24 දෙනෙකු සහභාගී විය.
මෙම වැඩමුළුව විශ්‍රමික කපිතාන් සුමේධ මිරිහාන සහ සොෆ්ට් ස්කීල් ඉන්ට්රනැෂනල් ආයතනයෙහි අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සුලක්ෂණා ප්‍රනාන්දු යන නිලධාරීන් විසින් පවපත්වන ලදී. මෙම වැඩමුළුවේ අවසන් දේශණයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයෙහි බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් ඩී ජී එස් සෙනරත්යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජෙෂ්ඨ නිලධාරීතුමන් සහභාගී වූ අතර, එම වැඩමුළුව සදහා සහභාගී වූ නිලධාරීන් සදහා එතුමන් අතින් සහතිකපත් පිරිනැමීය.