Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

30th July 2018 16:42:38 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චිය යටතේ රාජකාරි කරනු ලබන යුද හමුදා සාමාජිකයින්ගේ ක්‍රිඩා කෞෂල්‍ය වැඩිදියුණු කිරිමේ අරමුණින් යුතුව ක්‍රිඩා තරග පැවැත්විම

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ උපදෙස් මත මෛ මුල පුහුණු සැලැස්මට අනුව යුද හමුදා සෙබලුන්ගේ මානසික ශක්තිය ඉහල නැංවිම හා ඔහුන්ගේ ක්‍රිඩා කෞෂල්‍ය වැඩිදියුණු අරමුණින් යුතුව එල්ලේ, කබඩි සහ කඔ ඇදිමේ තරගාවලියක් පැවැත්තු අතර, එහි අවසාන මහා තරගාවලිය 2018 ජුලි මස 25 වන දින කිලිනොච්චි පරවිපන්ජාන් ක්‍රිඩාංගනයේදි පවත්වන ලදි.

මෙම තරග ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චිය යටතේ පාලනය වන 57,65 සහ 66 සේනාංකයන් විසින් සේනංකාධිපතිවරුන්ගේ අධික්‍ෂණය යටතේ සංවිධානය කරන ලදි.

ඒ අනුව කබඩි තරගාවලියේ ශුරතාවය 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුව විසින් හිමිකර ගත් අතර, අනු ශුරතාවය 24 වන ගැමුණු හේවා රෙජිමේන්තුව විසින් ද තුන්වන ස්ථානය 1 වන ශ්‍රිලංකා සිංහ රෙජිමේන්තුව විසින්ද හිමිකර ගන්නා ලදි.

කඔ ඇදිමේ තරගාවලියේ සුරතාවය 19 වන ශ්‍රි ලංකා පාබල හමුදාව විසින් හිමිකර ගත් අතර, අනු ශුරතාවය 10 වන ශ්‍රි ලංකා පාබල හමුදාව විසින් ද තුන්වන ස්ථානය 24 වන ගැමුණු හේවා රෙජිමේන්තුව විසින් ද හිමිකර ගන්නා ලදි.

එල්ලේ තරගාවලියේ ශුරතාවය 4 වන සන්හා සන්නද්ධ බුද්ධි බළකාය විසින් හිමිකර ගත් අතර, අනු ශුරතාවය 17 වන ගජබා රෙජිමේන්තුව විසින් හිමිකර ගන්නා ලදි.

මෛ අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන සහභාගි වු අතර, ඉදිරි නඩත්තු ප්‍රදේශ කිලිනෙකාච්චි ආඥාපති මේජර් ජෙනරාල් ඉන්ද්‍රජිත් විද්‍යානන්ද, 57 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය, 66 වන සේනාංකයේ සේනංකාධිපති බ්‍රිගේඩියර් දීප්ති ජයතිලක, බළසේනාධිපතිවරුන්,ඒකක අණදෙන නිළධාරින්, ජ්‍යෙෂ්ඨ නිළධාරින්, නිළධාරින් සහ සෙසු නිළයින් විශාල පිරිසක් සහභාගි විය.