Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

29th June 2018 22:04:18 Hours

ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි 9 වන සංවත්සරය සැමරිම

ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොච්චිය 2009 වසරේ මැඳ භාග්‍ය තුලදි කිලිනොච්චි ඉරණමඩු ජලාශය අභියසදි සිය රාජකාරි ආරම්භ කරමින් මේවනවිට වසර 9 ක් ගෙවියන මොහොතේ යුධමය තත්වයක් පැවති මෙම ප්‍රදේශයේ අවතැන්වු සිවිල් ජනයාගේ ජන ජිවිතය නගාසිටුවිම සඳහා සෘජුවම මැදිහත්වි කටයුතු කරන අතර, එකල පැවති යුධමය තත්වය නිසා මුළුමනින්ම අඩපණවු සාමාන්‍ය සිවිල් ජිවිතයට අදාල වු මුලික අවශ්‍යවතා මේවනවිටත් ප්‍රදේශයේ වෙසෙන දමිළ ජනතාව වෙත ලබාදිමෙහිලා මෙම ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි වත්මන් ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන හා අනෙකුත් යුද්ධ හමුදා සාමාජිකයින් විසින් කටයුතු කරනු ලැබේ.

එබැවින් ජුනි මස 29 වන දිනට යෙදි තිබෙන 9 වන සංවත්සර දිනය නිමිත්තෙන් ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ ප්‍රධාන්වනයෙන් වැඩසටහන් රාශියක් පැවත්විමට නියමිතව ඇති අතර, ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් 2018.06.22 වන දින සදාතුක ධාතු කරඩුන් වහන්සේ, පිරුවානා පොත් වහන්සේ හා මහා සංඝරත්නය වැඩමවාවිත් සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනයක් පවත්වා පසුදා උදෑසන සංඝරත්නය විශයේහි හීල් දානය පුජාකර අනතුරුව අට පිරිකර සහ සෙසු පිරිකර පුජාකර රට දැය වෙනුවෙන් දිවි පිදු රණවිරුවන් සිහිපත් කරමින් පිං පැමිණවිම සිදුකරන ලදි.