Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

11th April 2018 16:24:59 Hours

ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති රාජකාරි නිමාවෙන් පසු නික්ම යාමේ අවස්ථාව

ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති ලෙස රාජකාරි සිදුකල මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන 2018.04.10 වන දින නව ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන වෙත රාජකාරි භාරදිමෙන් පසු නික්මයන ලදි.

නික්ම ගිය ආඥාපති වෙත 2018.04.10 වන දින 24 වන ගැමුණුහේවා බළඇණියේ භඨපිරිස් විසින් කඳවුරු සම්මාන මුරය පිරිනැමිමෙන් පසු නික්ම ගිය ආඥාපති විසින් නව ආඥපති හට ආරක්ෂක සේනා මුලස්ථාන ධජය භාරදිම සිදුකල අතර, 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් සම්මාන පෙළපාලිය ආඥාපති වෙත පිරිනමන ලදි.

ආඥාපති ධුරයෙන් නික්මයාම සනිටුහන් කරමින් ආඥාපති තුමා විසින් සමරු‍ පෙතේහි සටහනක් තබා නික්ම යන ලදි.