Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

05th June 2018 17:20:54 Hours

ආරක්ෂක සේනා අඥාපති වෙල්ලන්කුලම් ගොවිපලේහි සංචාරය

ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන වෙල්ලන්කුලම්හි පිහිටි යුද හමුදා ගොවිපලෙහි දැනට පවතින වත්මන් තත්වය සෙයාබැලිම සදහා 2018.06.04 වන දින එහි සංචාරය කරන ලදි.

වෙල්ලන්කුලම්හි පිහිටි යුද හමුදා ගොවිපලෙහි නිලධාරීන් විසින් ආඥාපතිවරයා පිළිගනු ලැබූ අතර, ගොවිපොළේ දැනට පවතින වගා ස්ථාන වෙත ආඥාපතිතුමන් සංචාරය කරන ලද අතර, එහි රාජකාරි කරනු ලබන සෙබළුන්ගේ පුද්ගලික ගැටළු හා අනෙකුත් පහසුකම් පිළිබඳව කරුණු සොයා බලන ලදි.