Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

28th February 2021 10:00:22 Hours

අභ්‍යන්තර ආරක්‍ෂක මෙහෙයුම් පිලිබදව කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයට අයත් නිලධාරින් දැනුවත් වෙයි

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය වෙතින් කරන ලද ඉල්ලීමකට අනුව කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩගේ උපදෙස් මත මානව හිමිකම් හා මානුෂවාදී නීති අධ්‍යක්‍ෂක මණ්ඩලයේ සම්බන්ධීකරනයෙන් යුතුව 2021 පෙබරවාරි මස 10 වන දින අභ්‍යන්තර ආරක්‍ෂක මෙහෙයුමේ වැදකත්කම යන මාතෘකාව යටතේ වැඩමුළුවක් සියළු සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයට අනුව මෙම මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

ඒ අනුව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ මෙරට නිත්‍ය නියෝජිත (Regional Armed & Security Force Delegate) Jacques Lemay, Patrick Moreaw සහ එම කාර්යාලයේ යුධ හමුදා සම්බන්ධීකරණ නිලධාරි වශයෙන් රාජකාරි කරනු ලබන එල්සී චන්න ජයවර්ධන මහත්වරුන් විසින් මෙම වැඩමුළුව පැවැත්වූ අතර, මේ සදහා මෙම ආසේමු යටතේ රාජකාරී කරනු ලබන බළසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරීන් සහ මාණ්ඩලික නිලධාරීන් 45කට අධික ප්‍රමාණයක් සහභාගී වන ලදී.