Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

06th May 2026 11:42:15 Hours

පාසල් ප්‍රජාව අන්තරායකර ඖෂධ භාවිතය වැලැක්වීම පිලිබද දැනුවත් කිරීමේ දේශණයන් පැවැත්වීම

ක්ලීන් ශ්‍රි ලංකා වැඩසටහන යටතේ සිදුකරන මත්ද්‍රව්‍ය නිවාරන ජාතික වැඩසටහනට සමගාමීව 54 වන සේනාංකාධිපතිතුමාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ 542 පාබල බසේමු බළප්‍රදේශය තුල අන්තරායකර ඖෂධ භාවිතය වැලැක්වීම පිලිබද දේශණ මාලාවක් පැවැත්වීම ආරම්භ කරන ලදි. මේ යටතේ මන්නාරම දිස්ත්‍රික්කයේ පාසල් ප්‍රජාව පාදක කරගත් මත්ද්‍රව්‍ය නිවාරන වැඩසටහන් 2ක් 2026.05.05 දින මුසලි ජාතික පාසලේදී සහ සිලාවතුර රජයේ මුස්ලිම් මිශ්‍ර පාසලේදී පවත්වන ලදී.

මෙම වැඩසටහන 542 පාබල බළසේනාව විසින් පුනරුත්ථාපන කාර්යංශය සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සමග එක්ව සංවිධානය කරන ලදි. 2026.05.05 දින ප්‍රථම මත්ද්‍රව්‍ය නිවාරන වැඩසටහන 0930 පැයේ සිට 1100 පැය දක්වා මුසලි ජාතික මහා විද්‍යාලයේ ගුරුභවතුන් සහ සිසුසිසුවියන් 220 දෙනෙකු සදහා පවත්වන ලදි. එදිනම 1130 පැයේ සිට 1300 පැය දක්වා එම දේශණය සිලාවතුර රජයේ මුස්ලිම් මිශ්‍ර විද්‍යාලයේදී ගුරුභවතුන් සහ සිසුවියන් 100 දෙනෙකු සදහා පවත්වන ලදී.

මෙම වැඩසටහනට ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් 542 පාබල බළසේනාවේ කාර්ය නියුක්ත බලසේනාධිපති කර්නල් එල්ඩබ්ලිව්බි රිදිමහලියද්ද යුඑස්පි අයිජි යන ඡ්‍යෙෂ්ඨ නිලධාරි සහ මන්නාරම කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ කේ සෙල්වන් මහතා සහභාගි වන ලදි. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මනෝවිද්‍යා උපදේශිකා සහ ප්‍රවීන දේශකවරියක් වන එ. ශ්‍රියාමිනි වයලට් මහත්මිය විසින් මෙම හරවත් දේශණයන් පවත්වන ලදි. මෙම මත්ද්‍රව්‍ය නිවාරන වැඩසටහන 542 පාබල බසේමු හි සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ලුතිතන් කර්නල් ඩබ්ලිව්ඒඑන්ඩි ජයසුන්දර ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ සම්බන්ධිකරණයෙන්ද 8 විපාරෙ ඒකකයේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් එස්එච්ආර්ජි ද සිල්වා ආර්එස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ එම ඒකක භඨ පිරිස් විසින් මේ සදහා ශ්‍රමදායකත්වය ලබා දෙන ලදි.