04th May 2026 11:55:14 Hours
59 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එම්ඩබ්ලිව්එස් මිල්ලගල ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එච්ඩීඑම්සී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ කාලෝචිත සංකල්පයකට අනුව මෙම සේනාංකය යටතේ පාලනය වන පාබසේමු සහ ඒකකයන් හී රාජකාරි කරනු ලබන නිලධාරි/සෙසුනිලයින් හට ආපදා කළමණාකරණය සහ මුලතිව් දිස්ත්‍රිකයේ වාරිමාර්ග පද්ධතිය සබැඳි හරවත් දේශනයක් සිදු කිරිම සඳහා කිළිනොච්චි දිස්ත්‍රීක්කයේ ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයෙහි නියෝජ්‍ය සහකාර අධ්‍යක්‍ෂක ඒ.එම්.ආර්.එන්.කේ අලහකෝන් මහතා සහ මුලතිව් දිස්ත්‍රීක්කයේ ආපාදා කළමණාකරණ මධ්‍යස්ථානයෙහි නියෝජ්‍ය සහකාර අධ්‍යක්‍ෂක කෝකුලරාජ් යන මහත්වරුන්ගේ උපදේශකත්වයෙන් 2026.04.28 වන දින නිලධාරීන්/සෙසුනිලයින් 25 x 250 ක සහභාගිත්වයෙන් ඉතා හරවත් හා ප්‍රායෝගික දේශණයක් මෙම පාසේමු දේශන ශාලාවේදී පවත්වන ලදි.