Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

14th March 2026 10:29:34 Hours

“ක්ලින් ශ්‍රී ලංකා” වැඩසටහ‍න යටතේ මුරුංකන් නගරය පිරිසිදු කිරිමේ වැඩසටහනක් පැවැත්විම.

“ක්ලින් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ මන්නාරම ප්‍රදේශවාසින්හට නිරෝගිමත් පිරිසිදු පරිසරයක් බිහිකිරිමේ අරමුණින් 54 පාසේමු සේනාංකාධිපති මේජර් ජනරාල් ඒඑම්සි අබේකෝන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ 542 පාබල බසේමු බළප්‍රදේශයට අයත් මුරුංකන් නගරයේ සිට යෝධවැව වැව් බැම්ම දක්වා වු ප්‍රදේශය පිරිසිදු කිරිමේ වැඩසටහනක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය නානට්ටාන්, මුරුන්කන් පොලිසිය, ප්‍රාදේශීය සභාව නානට්ටාන්, යන රාජ්‍ය ආයතන සහ සිවිල් ජනතාවගේ සහභාගිත්වයෙන් 2026.03.10 දින 0900 පැයේ සිට 1330 පැය දක්වා සාර්ථකව පවත්වන ලදි.

නානට්ටාන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සහයෝගය මත සිදුකල මෙම පිරිසිදු කිරිමේ වැඩසටහනේදී, පරිසරය පිරිසිදුව පවත්වාගැනීම පිලිබදව දැනුවත් කිරිම, සියලු දෙනාගේ සහභාගිත්වයෙන් පරිසරය පිරිසිදු කිරිම, කසල බැහැර කිරිම සදහා කසල බදුන් ස්ථානගත කිරිම, පරිසරයේ පිරිසිදුතාවය නිරතුරුව පවත්වාගෙන යාම සදහා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම, ආදිය සිදුකරන ලදී.

542 පාබල බලසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ඒආර්ඩබ්ලිව්සි අසුරසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධික්ෂන යටතේ මෙම වැඩසටහන සිදුකල අතර, නානට්ටාන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය එස් ජුඩ් රවී පච්චෙල් සමග මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ද, මුරුංකන් පොලිසියේ පොලිස් නිලධාරි සාමාජිකයින්ද, නානටිටාන් ප්‍රදේශිය සභාවේ කාර්ය මණ්ඩලයද, මුරුංකන් වෙළද ප්‍රජාව සහ ප්‍රදේශ වාසින් සක්‍රියව දායකත්වය සපයන ලදි. 8 වන විජයබාහු පාබල හමුදා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් එස්එච්ආර්ජි ද සිල්වා ආර්එස්පි පිඑස්සි සහ නිලධාරි සෙසු නිලයන් විසින් සියළු සංවිධාන කටයුතු සිදුකරන ලද අතර, සම්බන්ධිකරණ කටයුතු 542 පාබල බළසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරී ලුතිතන් කර්නල් ඩබ්ලිව්ඒඑන්ඩී ජයසුන්දර යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිදුකරන ලදි.