Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

11th March 2026 11:48:40 Hours

Clean Sri Lanka වැඩසටහන යටතේ මල්වතුඔය පාලමේ සිට සිංහ කණුව දක්වා මල්වතුඔය දෙපස පිරිසිදු කිරිම

212 පාබල බලසේනාව වෙතින් Clean Sri Lanka ජාතික සංකල්පය යටතේ පරිසර හිතකාමී ශ්‍රී ලංකාවක් සඳහා තිරසාර මුල පිරීමක් ලෙස අනුරාධපුර මල්වතුඔය පාලමේ සිට සිංහ කණුව දක්වා මල්වතුඔය දෙපස දිට්වා සුළිකුණාටුවේ බලපැම හේතුවෙන් රැදි ඇති කැළිකසල ඉවත්කර පරිසරයට හානිනොවන පරිදි බැහැර කිරිමේ පරිසර හිතකාමී වැඩසටහනක් 2026 මාර්තු මස 07 වන දින ක්‍රියාත්මක කරන ලදී.

මෙම වැඩසටහන 21 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් පරිදි, 212 පාබල බලසේනා මූලස්ථානයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බි ඒ එම් පී බාලසුරිය ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම යටතේ, සිදුකරන ලදි.

ඒ සදහා 212 පාබල බළසේනා මුලස්ථානය යටතේ පාලනය වන 4 ශ්‍රීලංජාආබමු ඒකක නිලධාරීන් සහ සෙසූ නිලයින් 02x30 ක් සහ අනුරාධපුර මහ නගර සභාව ඇතුලු රාජ්‍ය ආයතන හා සිවිල් සංවිධාන සහභාගි වන ලදි.