Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

17th February 2026 13:04:04 Hours

මන්නාරම දිස්ත්‍රික්කයේ ගැබිනි මව්වරුන් සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම සහ දැනුවත් කිරීමේ වැඩසටහන

මන්නාරම දිස්ත්‍රික්කයේ ගැබිනි මව්වරුන්ගේ සුභසාධනය නංවාලීම සඳහා දරන උත්සාහය අඛණ්ඩව ඉදිරියට ගෙන යමින්, 54 වන පාබල සේනාංකය 2026 පෙබරවාරි 15 වන දින මන්නාරම පවුල් අයෝද්‍ය මධ්‍යස්ථාන දේශණ ශාලාවේදී මන්නාරම දිස්ත්‍රික්කයේ ගැබිණි මව්වරුන් 162 දෙනෙකු සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක් සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාදීම සාර්ථකව සිදු කළේය.

54 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ එම් සී අබේකෝන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම යටතේ මෙම වැඩසටහන සිදු කරන ලද අතර 543 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒ එච් ආර් හසන්ත ආර්එස්පී පීඑස්සී විසින් එය ක්‍රියාත්මක කරන ලදී. දිස්ත්‍රික්කයේ ගැබිනි මව්වරුන්ට සෞඛ්‍ය සේවා ප්‍රවර්ධනය කිරීම සඳහා සහාය වීමේ අරමුණින් 4 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහාය ඇතිව මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාවට නේචර්ස් සීක්‍රට්ස් පුද්ගලික සමාගම සහ උතුරු පළාතේ ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකරු රත්කිරුෂ්ණන් රාමනන් මහතා සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අසාත් හනිෆා මහතා සහ වැඩසටහනට සහභාගී වූ වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් නොමසුරුව සහයෝගය දක්වන ලදී.

මෙම සුභසාධන වැඩසටහන මගින් සිවිල් ජනතාවගේ ජීවිත නඟා සිටුවීම, සිවිල් - හමුදා සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ මන්නාරම දිස්ත්‍රික්කයේ සමාජීය හා සංස්කෘතික සංවර්ධනයට අර්ථවත් ලෙස දායක වීම සඳහා ශ්‍රී ලංකා හමුදාවේ අඛණ්ඩ කැපවීම පිළිබිඹු වේ.