Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

16th February 2026 17:25:35 Hours

ගැබිණි මව්වරුන් 150 දෙනෙකු වෙනුවෙන් ගර්භනි සමයේ පවතින ගැටළු සම්බන්ධව දැනුවත් කිරිම සහ එම මව්වරුන් හට ඇවසි උපකරණ කට්ටලයක් බෙදාදිමේ වැඩසටහනක් පැවැත්ව්ම

මෙම පාසේමු බළප්‍රදේශය තුල ජිවත්වන ගැබිණි මව්වරුන් 150 දෙනෙක් වෙනුවෙන් ගර්භනි සමයේ පවතින ගැටළු සම්බන්ධව දැනුවත් කිරිමේ වැඩසටහනක් සහ එම මව්වරුන් හට ඇවසි උපකරණ කට්ටලයක් බෙදාදිමේ වැඩසටහනක් ආරක්‍ෂක සේනා මුලස්ථානය (ව) ආඥාපති මේජර් ජෙනරල් කේඑම්පීඑස්බී කුලතුංග ආර්එස්පි එන්ඩ්සි පීඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්ඩබ්ලිව්එස් මිල්ලගල ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එච්ඩිඑම්සි පිඑස්සි තුමාගේ අධික්ෂණය මත 591 පාබල බළසේනාවේ බළසේනාධිපති කර්නල් එච්එම්ජේඩබ්ලිව් බංඩාර ආර්එස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සහභාගීත්වයෙන් 59 පාබල සේනාංකය යටතේ පාලනය වන පාබසේමු හා ඒකක නිලධාරින් සහ සෙසුනිලයන් මෙයට සහභාගිවු අතර, මුලතිව් පණ්ඩරවාණියන් සම්මන්ත්‍රන ශාලාවේදි 2026.02.14 වන දින 1000 පැයේ සිට 1100 පැය දක්වා කාල සීමාව තුල සිදු කරන ලදි.

මෙම වැඩසටහන සදහා ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය nature's Beauty Creations Ltd ආයතනය විසින් ලබා දුන් අතර, එම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධ්ත නිලධාරින්, නිලධාරින් සහභාගි වු අතර, මුලතිව් පව්ල් සෞඛ්‍ය නිලධාරි කාර්යාලය වෙතින් ගැබිණි මව්වරුන් සදහා දේශනයක් පවත්වන ලදි .