Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

08th February 2026 09:39:50 Hours

78 වන නිදහස් උළෙලට සමගාමීව තේවම්පිඩ්ඩි වෙරළ තීරයේ නොදිරන කැලි කසල ඉවත් කිරිමේ වැඩසටහනක් පවත්වන ලදී

54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒඑම්සී අබේකෝන් ආර්ඩබ්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ උපදෙස් පරිදි 541 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අයිපී ජයසිංහ ආර්ඩබ්ලිව්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ මගපෙන්වීම 5 (ස්වෙච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ජේපීයූ කුමාර යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ අධික්‍ෂණයෙන්, 78 වන නිදහස් උළෙලට සමගාමීව මුහුදු සහ වෙරළ පරිසර පද්ධති ආරක්ෂා කිරීම, දූෂණය අවම කිරීම, ස්ථිර පරිසර හිතකාමී පුරුදු වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින්, එම්එන්-02 තේවම්පිඩ්ඩි ග්‍රාමසේවා වසමේ තේවම්පිඩ්ඩි වෙරළ තීරයේ නොදිරන කැළි කසල ඉවත් කිරිමේ වැඩසටහනක් 2026 පෙබරවාරි මස 06 වන දින 5 (ස්වෙච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නිලධාරීන්, සෙසුනිලයින් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් එක්ව යටතේ සිදු කරන ලදි.