Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

08th February 2026 09:31:13 Hours

78 වන නිදහස් උළෙල වෙනුවෙන් එලබෙන මහා ශිව රාත්‍රී උත්සවයට සමගාමීව මාන්තෛයි තිරුකේදිෂ්වරම් කෝවිල් භූමිය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදි.

54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒඑම්සී අබේකෝන් ආර්ඩබ්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ උපදෙස් පරිදි 541 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අයිපී ජයසිංහ ආර්ඩබ්ලිව්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ මගපෙන්වීම යටතේ 10 (සෙව්) ගැහේබ ඒකකයේ අණදෙන නිලධාරී මේජර් ආර්එම්එච් කරුණාරත්න ගැහේබ ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ පුර්ණ අධීක්‍ෂණයෙන් එලබෙන මහා ශිව රාත්‍රී උත්සවයට සමගාමීව තිරිකේදිෂ්වරම් හින්දු කෝවිල් භූමිය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ 2026.02.06 වන දින එම ඒකකයේ රාජකාරී කරනු ලබන නිලධාරින්/සෙනීන් විසින් ප්‍රදේශවාසින්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදි .