Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

05th February 2026 11:07:29 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ රොටරි සමාගම වෙතින් වවුනියාවේ සුළි කුණාටුවෙන් පීඩාවට පත් සිසුන් හට පාසල් උපකරණ බෙදාදිම

දරුවන්ගේ අධ්‍යාපනය ශක්තිමත් කිරීමේ සහ අත්‍යවශ්‍ය අධ්‍යයන සහයෝගය ලබා දීමේ වැදගත්කම හඳුනා ගනිමින්, ආරක්ෂක සේනා මූලස්ථානයේ (වන්නි) ආඥාපති මේජර් ජෙනරාල් කේ.එම්.පී.එස්.බී. කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟ පෙන්වීම යටතේ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් සිසුන් සඳහා පසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ තිරසාර ලංකා නැවත පාසල් ව්‍යාපෘතියේ (වවුනියා දිස්ත්‍රික්කය) මූල්‍ය ආධාර ඇතිව, රොටරි දිස්ත්‍රික්කය 3300 (මැලේසියාව) සහ FOMSO (මැලේසියාව) හි අරමුදල් සහයෝගය ඇතිව, කැපිටල් සිටි රොටරි සමාජය නියෝජනය කරමින් හිරාන් සිල්වා මහතා (ව්‍යාපෘති සම්බන්ධීකාරක), ස්ටෙෆින් රොඩ්‍රිගෝ මහත්මිය (ලේකම්) සහ වෛද්‍ය සංජීව් රාජපක්ෂ (ප්‍රජා සේවා අධ්‍යක්ෂ) විසිනි. මෙම පරිත්‍යාග වැඩසටහන ඇටඹගස්කඩ විහාරස්ථානයේදී විහාරාධිපති පූජ්‍ය ශ්‍රී සද්ධර්ම කීර්ති ශ්‍රී සුමන සිද්ධාර්ථ පූජ්‍යපාද ඇටඹගස්කඩ කල්‍යාණතිස්සාභිදාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සහභාගීත්වයෙන් සහ ආශිර්වාදයෙන් පවත්වන ලදී.

මෙම අවස්ථාවට තවත් වැදගත්කමක් එක් කරමින්, 56 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස්.ඒ.යූ.ඒ. සෝලංගආරච්චි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහ 563 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩබ්ලිව්. දසනායක ආර්එස්පී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු මෙම අවස්ථාවට සහභාගී වූහ. මෙම වැඩසටහන අතරතුර, මහකච්චිකොඩිය ප්‍රාථමික පාසලේ 1 සිට 5 ශ්‍රේණිය දක්වා සිසුන් 75 දෙනෙකු සහ ඇටඹගස්කඩ විද්‍යාලයේ 1 සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් 126 දෙනෙකු ඇතුළුව සිසුන් 201 දෙනෙකුට පාසල් උපකරණ පිරිනමන ලදී. එම පාසල්වල විදුහල්පතිවරුන් වන ප්‍රේමසිරි සිරිසේන මහතා සහ අයි.ඩී.එස්. ධම්මිකා මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූහ. පසුව සහභාගී වූ සිසුන් සහ ගුරුවරුන් සඳහා ප්‍රණීත ආහාර වේලක් සංවිධානය කරන ලදී.

මෙම උත්සවය 8 වන බලඇණියේ අණදෙන නිලධාරී මේජර් කේ.පී.එම්. දිසානායක පීඑස්සී ගේ පූර්ණ අධීක්ෂණය යටතේ නිලධාරීන්ගේ සහ අනෙකුත් නිලයන්ගේ කැපවූ සහයෝගය සහ සම්බන්ධීකරණය යටතේ පවත්වන ලදී. මෙම මුලපිරීම ආපදාවෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට සහාය වීම සහ අර්ථවත් සිවිල්-හමුදා සහයෝගීතාවය තුළින් පාසල් දරුවන්ගේ අධ්‍යාපන යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා හමුදාවේ අඛණ්ඩ කැපවීම පිළිබිඹු කරයි.