Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

05th February 2026 10:54:41 Hours

54 වන පාබල සේනාංකයේ මුලිකත්වයේන් 78 වන ජාතික නිදහස් දිනයට සමගාමිව වෛද්‍ය සායනයක් පැවැත්වීම.

54 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජනරාල් ඒ එම් සි අබේකෝන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්වීම මත 78 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙලට සමගාමිව 542 පාබසේමු බළප්‍රදේශයට අයත් 4 ගරෙ ඒකක බළප්‍රදේශයේ මන්/කට්ටිඅඩම්පන් රෝමානු කතෝලික දෙමළ මහා විද්‍යාලයේදී 2026.02.03 වන දින 0830 පැයේ සිට 1500 පැය දක්වා වෛද්‍ය සායනයක් පාසල් ළමුන් සහ ආචාර්ය මණ්ඩලය සදහා පවත්වන ලදී.

මඩු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මුලිකත්වයෙන් සිදුකල මෙම වෛද්‍ය සායනයේදී මන්/කට්ටිඅඩම්පන් රෝමානු කතෝලික දෙමළ මහා විද්‍යාලයේ සහ මන්/මඩු සිංහල මහා විද්‍යාලයේ පාසල් සිසුන් 235 දෙනෙකු සදහා දන්ත සායනික දැනුවත් කිරිම් සහ පරික්ෂාවට ලක්කිරිමත්, ආචාර්ය මණ්ඩලයේ 16 දෙනෙකු සදහා රුධිර පීඩනය පරික්ෂාකර අවදානම් සහගත අයවලුන් රෝහල් සායන වෙත යොමු කිරිමත් සිදුකරන ලදි. මෙහිදී දන්ත වෛද්‍ය සායනය මන්නාරම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලය වෙතින් සිදු කල අතර, වෛද්‍ය සායනය පන්ඩිවිරිච්චාන් ප්‍රාදේශීය රෝහල වෙතින් සිදුකරන ලදි.

මෙම වැඩසටහන 542 පාබල බලසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ඒ ආර් ඩබ්ලි ව් සි අසුරසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ අධික්ෂනය හා මගපෙන්වීම යටතේ 4 වන ගජබා පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් එම්එස්එස් ප්‍රනාන්දු යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ නිලධාරි සෙසු නිලයන් විසින් සියළු සංවිධාන කටයුතු සිදුකරන ලද අතර සම්බන්ධිකරණ කටයුතු 542 පාබල බළසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරී ලුතිතන් කර්නල් ඩබ්ලිව්ඒඑන්ඩී ජයසුන්දර යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිදුකරන ලදි.