30th January 2026 10:29:46 Hours
54 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ එම් සී අබේකෝන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජේෂ්ඨ නිළධාරිගේ මඟ පෙන්වීම යටතේ, 542 පාබල බලසේනාව විසින් මඩු සහ තේක්කම් ග්‍රාම නිලධාරී කොට්ඨාසවල දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් සිවිල් වැසියන් සඳහා වියළි සලාක සහ ගෘහ භාණ්ඩ බෙදා හැරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
ශ්‍රී ලංකාවේ මානුෂීය කටයුතු සඳහා අඛණ්ඩ විදේශ ආධාර පිළිබිඹු කරමින් කැනඩාවේ පදිංචි පරිත්‍යාගශීලියෙකු විසින් මෙම ප්‍රජා සුභසාධන වැඩසටහන සදහා නොමසුරුව සහාය දක්වන ලදී.
මෙම වැඩසටහන 2026 ජනවාරි 28 වන දින තේක්කම් ග්‍රාම නිලධාරී කොට්ඨාස ප්‍රජා ශාලාවේදී පවත්වන ලද අතර, එහිදී ග්‍රාම නිලධාරී කොට්ඨාස දෙකෙහිම පීඩාවට පත් පවුල් 53 කට වියළි සලාක මලු සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දෙන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 54 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ එම් සී අබේකෝන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජේෂ්ඨ නිළධාරිතුමන් සහභාගී විය.
මෙම වැඩසටහන 542 පාබල බලසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ඒ ආර් ඩබ්ලිව් සී අසුරසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජේෂ්ඨ නිළධාරිතුමන්ගේ අධීක්ෂණය යටතේ පවත්වන ලදී. සියලුම සංවිධානාත්මක කටයුතු 4 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එම් එස් එස් ප්‍රනාන්දු යූඑස්පී පීඑස්සී ජේෂ්ඨ නිළධාරිතුමන් හා එම ඒකකයේ නිලධාරීන් සහ අනෙකුත් නිලයන්ගේ සහාය ඇතිව කාර්යක්ෂමව සිදු කරන ලදී.
මඩු ප්‍රාදේශීය ලේකම් ආර් සී අමල්රාජ් මහතා, සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) සුපුන් ප්‍රියදර්ශන මහතා සහ තේක්කම් ග්‍රාම නිළධාරි කොට්ටාශයේ ග්‍රාම නිලධාරිනී කේ යාලනි මහත්මිය ඇතුළු සිවිල් නිලධාරීන් කිහිප දෙනෙකු ද මෙම අවස්ථාවට සහභාගී විය. 542 පාබල බලසේනාවේ සිවිල් කටයුතු නිලධාරී ලුතිනන් කර්නල් ඩබ්ලිව් ඒ එන් ඩී ජයසුන්දර ජේෂ්ඨ නිළධාරිතුමන් විසින් වැඩසටහන සම්බන්ධීකරණය කරන ලදී