Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

29th November 2025 09:32:34 Hours

අනුරාධපුර රුධිර බැංකුවට සහයෝගය දැක්වීම සඳහා 21 වන පාබල සේනාංකය විසින් සංවිධානය කරන ලද විශේෂ රුධිර පරිත්‍යාග වැඩසටහන

අනුරාධපුර ලේ බැංකුවේ දෛනික රුධිර අවශ්‍යතාවය ඉතා ඉහළ මට්ටමක පවතින බැවින් මේ වනවිට විශාල වශයෙන් ප්‍රතිකාර සදහා යොමුවන වකුගඩු රෝගීන්, පිළිකා රෝගීන් හා තැලසීමියා රෝගීන් සදහා මෙන්ම කායික රෝග, ශල්‍යකර්ම, දරු ප්‍රසූති, හදිසි අනතුරු ප්‍රතිකාර සදහා රුධිරය සැපයීමේදී දැඩි අපහසුතාවයක් පැන නැගී ඇති බවත්, ඒ සදහා කඩිනමින් ලේ දන්දීමේ ජංගම කදවුරක් සංවිධානය කර දෙන ලෙස අනුරාධපුර ලේ බැංකුව විසින් ආරක්ෂක සේනා (වන්නි) ආඥාපති තුමන්ගෙන් කරනු ලැබූ ඉල්ලීමක් අනුව 2025.11.25 වන දින 0900 පැයේ සිට 1800 පැය දක්වා 21 පාබල සේනාංක මූලස්ථානයේදී ලේ දන්දීමේ ජංගම කදවුරක් සංවිධානය කරන ලදී.

මෙම ජංගම ලේ දන්දීමේ කදවුර 21 වන පාබල සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටී එන් කේ පෙරේරා ජ්‍යේෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි 212 පාබල බළසේනාධිපති බ්‍රිගේඩියර් බී ඒ එම් පී බාලසුරිය ආර්එස්පී යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ පූර්ණ අධීක්ෂණය යටතේ සංවිධානය කෙරුණු අතර ඒ සදහා අනුරාධපුර ලේ බැංකුවේ වෛද්‍යවරු දෙදෙනෙකු ඇතුළු 10 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සහභාගි විය.

මෙම අති සාර්ථක සමාජ සත්කාරය උදෙසා භකාස අණසක (වන්නි), රෙමගරෙ, 21 පාබල සේනාංක මූලස්ථාන භටපිරිස් සහ 211, 212, 213 බලසේනාවන්ද, 21 පාබල සේනාංක මූලස්ථානයට අයත් ඒකකයන්හි නිලධාරින් හා සෙබළ සෙබළියන් ඇතුළු 124 දෙනෙකු ලේ පරිත්‍යාග කිරීමට දායකත්වය දැක්වීය.