20th November 2025 15:09:12 Hours
56 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් ඒ යූ ඒ සෝලංගආරච්චි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 නොවැම්බර් මස 17 දින 562 පාබල බලසේනාව, 17 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාව, පෙර පැවති පාබළ බළඇණි පුහුණු පාසල - පම්පේමඩු සහ 12 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුව යන ස්ථානයන්හි නිල සංචාරය සිදු කළේය. බලසේනාධිපති සහ එම ඒකකවල අණදෙන නිලධාරීන් විසින් සේනාංකාධිපතිව උණුසුම් ලෙස පිළිගත් අතර, පරිපාලන කාර්යයන්, මෙහෙයුම් සූදානම සහ සුභසාධන පහසුකම් පිළිබඳ නිරීක්ෂණය සිදු කරන ලදී. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට පූර්ණ සහාය වීම සහ ඔහුගේ සංචාරය සැමරීම සඳහා, සේනාංකාධිපතිවරයා එම මූලස්ථානවල පැළයක් රෝපණය කළේය.
සිය රාජකාරි අතරතුර, සියලුම බලඇණිවල භඨපිරිස් ඇමතූ සේනාංකාධිපති, විනය, කණ්ඩායම් හැඟීම සහ වෘත්තීයභාවය අත්‍යවශ්‍ය කුළුණු ලෙස අවධාරණය කළේය. මෙහෙයුම් අභියෝග මධ්‍යයේ වුවද ඉහළ ප්රමිතීන් පවත්වා ගැනීම පිළිබඳව නිලධාරීන් සහ සෙසුනිලයින් අගය කළ අතර, ජාතික ආරක්ෂක රාජකාරි, ධාරිතා සංවර්ධනය සහ සිවිල් ජනතාව සමග හමුදා සහයෝගීතාව පවත්වා ගැනීම සඳහා සිදුකරනු ලබන අඛණ්ඩ කැපවීම පිළිබඳව දිරිමත් කළේය.
මෙම වැඩසටහන සඳහා 562 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ඩීඑම්පීයූ දිසානායක ආර්එස්පී යූඑස්පී අයිජී, කර්නල් එල්ඒපීඑම්කේ ලියනාරච්චි, (කර්නල් (ප්‍රමා) - 56 පාසේමු, කර්නල් සම්බන්ධීකරණ (ස්වේ) - 56 පාසේමු, සිවිල් සම්බන්ධීකරණ නිලධාරී සහ සියලුම බලඇණිවල අණදෙන නිලධාරීන් සහ භඨපිරිස් සහභාගී වූහ. ඔවුන්ගේ පැමිණීම මගින් සේනාංකයේ කාර්යක්ෂමතාව ශක්තිමත් කිරීම සහ සියලුම සංයුති හරහා මෙහෙයුම් සූදානම සහතික කිරීම සඳහා සාමූහික නායකත්ව ප්රයත්නය ශක්තිමත් කරන ලදී.