Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

20th November 2025 11:08:27 Hours

ප්‍රථමාධාර සහ ජිවිතාරක්ෂක ඵක් දින පුහුණු වැඩමුලුව සාර්ථකව අවසන් කරන ලදි

21 පාබල සේනාංකාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව, අනුරාධපුර දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඵ්කකයෙහි සම්බන්ධිකරණය යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තරුණ ප්‍රජාව සහ යුද්ධ හමුදා සාමාජිකයින් කෙන්ද්‍ර කර ගනිමින් 2025.11.18 වන දින 0900 පැයේ සිට 1500 පැය දක්වා කාලය තුල බසවක්කුලම වැව ආශිතව ප්‍රථමාධාර සහ ජිවිතාරක්ෂක පුහුණු වැඩමුලුවක් සාර්ථකව පවත්වන ලදි. මෙම වැඩමුලුව පැවැත්විමේ අරමුණ ලෙස අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉදිරියේදි ඇති වන මෝසම් වර්ෂාව හේතුවෙන් ඇති විය හැකි හදිසි ගංවතුර තත්වයන් හා ජලගැලීම්, ආපදා තත්වයන්ට ක්ෂණික ප්‍රථිචාර දැක්වීම සහ ඵලදායීව පැවරෙන ආපදා කළමණාකරණ රාජකාරීන්ගේ කාර්යක්ෂමතාවය වර්ධනය කිරීමය.