Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

07th November 2025 15:49:26 Hours

පාසල් ප්‍රජාව සහ රාජ්‍ය නිලධාරින් සදහා අන්තරායකර ඖෂධ භාවිතය වැලැක්වීම පිලිබද දැනුවත් කිරීමේ දේශණයන් පැවැත්වීම

ශ්‍රී ලංකා රජයේ "රටම එකට" විෂ මත්ද්‍රව්‍ය නිවාරන ජාතික වැඩසටහනට සමගාමීව 54 වන සේනාංකාධිපතිතුමාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ 542 පාබල බසේමු බළප්‍රදේශය තුල අන්තරායකර ඖෂධ භාවිතය වැලැක්වීම පිලිබද දේශණ මාලාවක් පැවැත්වීම සිදුකරන ලදී. මේවන විට මන්නාරම දිස්ත්‍රික්කය තුල පාසල් සිසුන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ අවදානමට ලක්ව ඇති තත්වයට පත්ව ඇති බැවින්, පාසල් ප්‍රජාව පාදක කරගත් තුන්වන මත්ද්‍රව්‍ය නිවාරන දේශනය 2025 නොවැම්බර් මස 06 වන දින පවත්වන ලදී. තවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවය කරන රාජ්‍ය නිලධාරින් නිරතුරුවම ජනතාව සමග රාජකාරි කරන බැවින් මෙම මත්ද්‍රව්‍ය නිවාරන පනිවුඩය ඔවුන් වෙත රැගෙනයාම පිණිස එම රාජ්‍ය නිලධාරින්ද අන්තරායකර ඖෂධ භාවිතය වැලැක්වීම පිලිබද දේශණය පැවැත්වීම සදහා තෝරා ගන්නා ලදි.

මෙම වැඩසටහන 542 පාබල බළසේනාව, පුනරුත්ථාපන කාර්යංශය සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සමග එක්ව මෙම දේශණය සිදුකරන ලදී. පාසල් මත්ද්‍රව්‍ය නිවාරන වැඩසටහන මන්නාරම උසස් තාක්‍ෂණික ආයතනය තුල එහි තොරතුරු සංනිවේදනය හා ඉංග්‍රිසි පාඨමාලා හදාරන සිසු සිසුවියන් 150 දෙනෙකු සදහා 1030 පැයේ සිට 1230 පැය දක්වා පවත්වන ලදී. තවද, එදින 1400 පැයේ සිට 1600 පැය දක්වා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රාජකාරි සිදුකරන රාජ්‍ය නිලධාරි 45 දෙනෙකු සදහා මෙම දේශණය දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය මන්නාරමහි පවත්වන ලදී.

මෙම වැඩසටහනට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 54 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජනරාල් ඒඑම්සි අබේකෝන් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගි වන ලදි. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මනෝවිද්‍යා උපදේශිකා සහ ප්‍රවීන දේශකවරියක් වන ශ්‍රියාමිනි වයලට් මහත්මිය විසින් මෙම හරවත් දේශණයන් සිදුකරන ලද අතර, මේ සදහා පුනරුත්ථාපන කාර්යංශයේ උතුරු පලාතේ පුනරුත්ථාපන නිලධාරි ලුතිතන් කර්නල් ඩබ්ලිව්පිටි පෙරේරා යන ජ්‍යෙෂ්ඨ නිලධාරිද සහභාගි වන ලදි. 542 පාබල බළසේනාවේ බලසේනාධිපති, බ්‍රිගේඩියර් ඒආර්ඩබ්ලිව්සී අසුරසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි යන ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර්ණ අධික්‍ෂණය යටතේ මෙම වැඩසටහන සිදුකල අතර, 542 පාබල බසේමු සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ලුතිතන් කර්නල් ඩබ්ලිව්ඒඑන්ඩි ජයසුන්දර ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ සම්බන්ධිකරණයෙන්ද 8 විපාරෙ ඒකකයේ අණදෙන නිලධාරි මේජර් එස්එච්ආර්ජි ද සිල්වා ආර්එස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ එම භඨ පිරිස් මේ සදහා දායකත්වයක් ලබා දෙන ලදි.