Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

30th October 2025 13:05:10 Hours

නොමිලේ සත්ව සායනයක් පැවැත්වීම

ආරක්ෂක සේනාව (වන්නි) අඥාපති මේජර් ජෙනරාල් කේ එම් පි එස් බි කුලතුංග ආර්එස්පි එන්ඩීසි පිඑස්සි ජ්‍යේෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයක් මත 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ එම් සි අබේකෝන් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි ජ්‍යේෂ්ඨ නිලධාරි තුමන්ගේ මඟපෙන්වීමේ යටතේ Vet for Future පුද්ගලික ආයතනයේ අධ්‍යක්ෂක වෛද්‍ය චමිත් නානායක්කාර සමඟ සම්බන්ධතාවයෙන් වීදි සුනඛයින් හා වෙනත් නිදැල්ලේ සිටින සත්වයන් සදහා ප්‍රතිකාර කිරිමේ කඳවුරක් 2025 ඔක්තෝබර් මස 25 දින සිට 29 වන දින දක්වා මඩු දේවස්ථාන රෝහලේ පවත්වන ලදී.

මෙම වැඩසටහනේ මුලික අරමුණ වශයෙන් මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වන වීදි සුනඛයින් සදහා රේබීස් එන්නත්කරනය, සුනඛයින් වන්ද්‍යකරනය හා වෙනත් ප්‍රතිකාර සිදුකිරීම දින පහක් පුරාවට සිදුකල අතර එහිදි මඩු ප්‍රදේශයේ විදි සුනඛයින් සදහා ප්‍රතිකාර කරන ලදී.

මෙම වැඩසටහන 542 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒ ආර් ඩබ්ලිව් සී අසුරසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ 4 වන ගජබා රෙජිමේන්තුවේ නිලධාරි හා සෙසුනිලයන් විසින් සංවිධානය කරන ලදි.