Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

24th October 2025 15:29:17 Hours

59 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන් නික්ම යෑම

මෙම පාබල සේනාංක මුලස්ථානයෙහී සේනාංකාධිපති වශයෙන් රාජකාරී සිදු කරනු ලැබු මේජර් ජෙනරාල් ඩි ආර් එන් හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී (නි/62168) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි රාජකාරි නිමාවෙන් පසු මෙම පාසේමු වෙතින් නික්ම ගිය අතර, ඒ වෙනුවෙන් කඳවුරු මුරයක් 5 (සෙව්) ශ්‍රිලංසිරෙ ඒකකය සහ සම්මාන පෙලපාලිය 10 ශ්‍රිලංසිරෙ ඒකකය වෙතින් 2025.10.20 වන දින එතුමා වෙනුවෙන් පවත්වන ලදි.

එහිදී සේනාංකාධිපති තුමන් විසින් මෙම පාබල සේනාංකය යටතේ සිටින සියළුම ජ්‍යෙෂ්ඨ නිළධාරීන්,නිලධාරින් සහ සෙසු නිලයින් ඇමතිම සිදුකිරිමෙන් පසු සියළුම නිලයින්ගේ සහභාගින්වයෙන් තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදී.

එම අවස්ථාව සඳහා 591,592 සහ 593 පාබසේමු බළසේනාධිපති වරුන්, කර්නල් ප්‍රමානි, කර්නල් (පාලන/භාකාස), කර්නල් සම්බන්ධිකරණ, කර්නල් සම්බන්ධිකරණ (සෙව්), 59 වන පාබල සේනාංකයේ මාණ්ඩලික නිලධාරින් සහ ඒකක අණනදෙන නිලධාරිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් සහ සෙසු නිලයින් සහභගි වන ලදී.