Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

13th October 2025 12:44:02 Hours

මු/පරණගමවැව විද්‍යාලයේ නව මුලුතැන්ගෙය විවෘත කිරිම

ආරක්‍ෂක සේනා මුලස්ථානය (වන්නි) බලප්‍රදේශයේ 21 වන පාබල සේනාංක මුලස්ථානය යටතේ ඇති 211 පාබල බලසේනා මුලස්ථානයට අයත් වැලිඔය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගජබාපුර ග්‍රාමයෙහි පිහිටා ඇති මු/පරණගමවැව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු දරුවන් හට මුලුතැන්ගෙයක් ඉදිකර 2025.10.10 වන දින විවෘත කර සිසු අයිතියට පත් කරන ලදි.

මෙම උත්සවය 211 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ටීඩීපී සිරිවර්ධන පීඑස්සී, ජ්‍යේෂ්ඨ නිළධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකල අතර, මේ සදහා මුල්‍ය දායකත්වය ගම්පහ ප්‍රදේශයේ පදිංචි ආර්ඒයූ රණසිංහ මහතා විසින් ලබාදෙන ලදි. තවද මෙම අවස්ථාව සදහා කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂක තුමිය, ගුරු මණ්ඩලය, දෙමව්පියන්, සිසු සිසුවියන් 211 පාබල බළසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි සහ 9 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිළධාරි තුමා, ශ්‍රිලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේවා නිළධාරි, සෙසුනිළයින් හා 211 පාබල බළසේනාවේ නිළධාරින් ඇතුළු සෙසුනිළයින් සහභාගි වන ලදි.