27th September 2025 12:13:45 Hours
54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒඑම්සි අබේකෝන් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ යුද්ධ හමුදා සාමාජිකයින් මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදවා ගැනීමේ අරමුනෙන් 54 පාබල සේනාංකය හා යටතේ පාලනය වන බලසේනා සහ ඒකකයන්හි රාජකාරි කරනු ලබන නිලධාරි සහ සෙනින් අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම පිළිබද දැනුවත් කිරීමේ දේශණයක් 2025.09.25 වන දින 8 වන විජයභාහු පාබල රෙජිමේන්තුවේ හා 2025.09.26 වන දින 54 පාබල සේනාංක මූලස්ථානයේදි පවත්වන ලදී.
අන්තරායක ඖෂධ පාලන ජාතික මණ්ඩලයේ මත්ද්‍රව්‍ය අධ්‍යාපන නිවාරණ හා තොරතුරු නිලධාරිනි ඉනූෂා හෙට්ටිආරච්චිගේ මහත්මිය විසින් මත්ද්‍රව්‍ය යනු කුමක්ද යන්න පිළිබඳ නිවැරදි අවබෝධය, මත්ද්‍රව්‍යවල වර්ගීකරණය සහ ඒවායෙන් සමාජයට හා සෞඛ්‍යයට ඇති කරන බලපෑම්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම හේතුවෙන් ඇතිවියහැකි අවදානම සහ එවන් අවස්ථාවලින් අපව ගළවා ගැනීමේ ක්‍රමවේද හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් මතු වන පුද්ගලික, පවුලේ සහ සමාජයේ විනාශකාරී හානිය යන විෂයන් ඔස්සේ මෙම හරවත් දේශනය පවත්වන ලදි.
542 පාබල බලසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ඒආර්ඩබ්ලිව්සි අසුරුසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත 542 පාබල බසේමු සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ලුතිතන් කර්නල් ඩබ්ලිව්ඒඑන්ඩි ජයසුන්දර විපාරෙ යන ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ සම්බන්ධිකරණයෙන් පවත්වන ලද මෙම දේශන මාලාව සදහා 54 පාබල සේනාංකය හා යටතේ පාලනය වන බලසේනා සහ ඒකකයන්හි රාජකාරි කරනු ලබන නිලධාරි 25 ක් සහ සෙසුනිලයින් 280 දෙනෙකු සහභාගි වූහ.