19th September 2025 13:15:04 Hours
541 වන පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් අයි පී ජයසිංහ ආර්ඩබ්ලිව්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ගේ මග පෙන්විම යටතේ 2025 සැප්තැම්බර් 11 වන දින සිය 15 වන සංවත්සරය ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සමරන ලදී.
මෙම උත්සව මාලාවේ අංගයක් ලෙස 2025 සැප්තැම්බර් 11 වැනිදා ඓතිහාසික මාතොට රජමහා විහාරස්ථානයේදී බෝධි පූජාවක් සහ දානමය පිංකමක් පවත්වන ලදී. එහිදී 541 පාබල බළසේනා මුලස්ථානයේ බළසේනාධිපතිතුමන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිළයින් ඇතුලු සිවිල් සේවක මහතුන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් මෙන්ම ක්‍රියාන්විත රාජකාරීන් වලදී රණක්ෂිතයට පත් රණවිරුවන් හටද ආශීර්වාදය ප්‍රාර්ථනා කරන ලදී.
ප්‍රධාන සංවත්සර උත්සවය 2025 සැප්තැම්බර් 13 වැනිදා බලසේනා මූලස්ථානයේදී පැවැත්විය. එදින බළසේනාධිපතිතුමන් හට සම්මාන මුරයක් පිරිනැමු අතර, ඉන් අනතුරුව සියලු නිළ සමුහ ඡායාරූපයත්, නවතමයෙන් ඉදිකරන ලද දේශන ශාලාව විවෘත කිරීමත්, පැල රෝපණයත් සිදුකරන ලදි.
පසුව, බළසේනාධිපතිතුමන් විසින් භඨපිරිස් ඇමතීමක් සිදුකරන ලද අතර, එහිදී බලසේනාවේ ඉතිහාසය, අභියෝග සහ අනාගත දිශානතිය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකරන ලදි. ඉන්පසු, සෙබළුන් අතර එකමුතුව සහ මිත්‍රත්වය වර්ධනය කිරීම සඳහා සියලු නිළ තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදි.
උත්සවයේ අවසාන අංගය වශයෙන් විචිත්‍රවත් සංගීත රාත්‍රියක් සහිත සියලු නිළ රාත්‍රී භෝජනයක් පැවැත්වීම තුලින් සෙබළුන් අතර සමීපත්වය තවත් වර්ධනය විය.
මෙම 15 වන සංවත්සරයේ විශේෂතම සිදුවීම නම් නව දේශන ශාලාව විවෘත කිරීමයි. එය බළසේනාධිපති බ්‍රිගේඩියර් අයිපී ජයසිංහ ආර්ඩබ්ලිව්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ගේ සංකල්පය, මාර්ගෝපදේශනය සහ නිරීක්ෂණය යටතේ, රජයේ අරමුදල් කිසිවක් භාවිතා නොකර පූර්ණයෙන්ම ප්‍රාදේශීය සම්පත් මත පදනම්ව ඉදිකරන ලදී. මෙම ව්‍යාපෘතිය බලසේනාවේ ඒකාබද්ධතාවය, කැපවීම සහ නිපුණතාවයේ සටහන් විය.
ආරම්භයේදී සිටම 541 පාබල බලසේනාව එහි මෙහෙයුම් වගකීම් නිවැරදිව ඉටු කරමින් පවතී. තවද, බලප්‍රදේශය තුළ සිවිල් පරිපාලනයට සහ ප්‍රජා සංවර්ධනයටද සහය ලබාදී ඇත. මෙම 15 වන සංවත්සරය බලසේනාවේ ගෞරවනීය ඉතිහාසය පිළිබිඹු කිරීමටත්, ජාතිය වෙනුවෙන් වෘත්තීයභාවයෙන් හා කැපවීමෙන් සේවය කිරීමේ ප්‍රතිරූපය නැවත තහවුරු කිරීමටත් උදවු විය.