19th September 2025 12:17:34 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (වන්නි) වලට අයත් 21 පාබල සේනාංක මුලස්ථානය යටතේ ඇති 211 පාබල බලසේනා මුලස්ථාන බලප්‍රදේශයට අයත් හොරොව්පොතාන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අංක 152 නබඩවැව ග්‍රාම නිළධාරි වසමේ නබඩවැව ගම්මානයේ පදිංචි ගර්භණි මාතාවන් 20 දෙනෙකු සදහා ළදරු උපකරණ කට්ටල 20 ක් 211 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ටිඩිපි සිරිවර්ධන psc ජ්‍යේෂ්ඨ නිළධාරිගේ අධික්‍ෂණය හා මගපෙන්විම යටතේ 2025 සැප්තැම්බර් මස 14 වන දින සිදුකරන ලදි.
මෙම වැඩසටහන සදහා මුල්‍ය දායකත්වය ග්‍රාමිව ආරක්‍ෂණ හා ප්‍රාන සවිබල ගැන්විමේ අමාත්‍යංශයේ ජිවන උපාය අත්වැල පදනමේ සම්බන්ධිකරණ නිළධාරිණි ඕවනි ප්‍රියංකා සමරවිර මහත්මිය විසින් ලබාදුන් අතර, මෙම අවස්ථාව සදහා 5 (ස්වේ) ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිළධාරි ඇතුලු නිළධාරින් හා සෙසුනිළයින් සහභාගි වන ලදි.