Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

19th September 2025 12:14:43 Hours

මූලික පිහිණුම් හා ජීවිතාරක්ෂක පාඨමාලා අංක 25 සාර්ථකව අවසන් කරන ලදි

මූලික පිහිණුම් හා ජීවිතාරක්ෂක පාඨමාලා අංක 25, 2025 අගෝස්තු මස 06 වන දින සිට 2025 සැප්තැම්බර් මස 12 වන දින දක්වා වැඩ කරන දින 30 ක් පුරා ආසේමු (වන්නි) බල ප්‍රදේශය යටතේ ස්ථාපිත ඒකක නියෝජනය කරමින් සෙසුනිලයින් 19 දෙනෙකුගේ සහභාගීත්වයෙන් යුතුව 21 වන පාබල සේනාංක මුලස්ථාන පිහිණුම් තටාකයේ දී සාර්ථකව පවත්වන ලදී.

එම පාඨමාලාවේ සමාප්ති උත්සවය 2025 සැප්තැම්බර් මස 12 දින යුද්ධ හමුදා පිළිවෙතට අනුව 21 පාබල සේනාංක මුලස්ථාන පිහිණුම් තටාකයේ දි පැවැත්වු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එම් ඩබ්ලිව් ඒ ආර් සී විජේසූරිය ආර්එස්පී යූඑස්පී එන්ඩීසී සහභාගි වන ලදි.

මෙම පාඨමාලාවේ දක්ෂතම ශිෂ්‍යයා ලෙස 3 ශ්‍රීලයුවෛබ ඒකකයට අයත් සෙ/655078 සාසෙ මධුෂාන් එන්පිඑස් සම්මානයට පාත්‍ර විය. තවද මෙම සමාප්ති උත්සවය අලංකාරවත් කිරිම සදහා පිහිණුම් සංදර්ශනයක් ඇතුලුව විවිධ පිහිණුම් ආශ්‍රිත ක්‍රියාකාරකම් පවත්වන ලදි.

මෙහි සුවිශේෂි කරුණ වන්නේ ශ්‍රි ලංකා ජීවිතාරක්ෂක සංගමය විසින් පිරිනමනු ලබන ජාත්‍යන්තර ජීවිතාරක්ෂක, ජල සුරක්ෂිතතා සහ හෘද රෝග - පෙනහළු පුනර්ජීවනය (CPR) යන සහතිකයන් ත්‍රිත්වයම ප්‍රදානය කරන ලදී.