Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

12th September 2025 19:00:10 Hours

මන්/නොච්චිකුලම් රෝමාණු කතෝලික දමිල මිශ්‍ර පාසලේ ඉගෙනුම ලබන සිසු/සිසුවියන් සඳහා දිවා ආහාර වෙලක් ලබා දිමේ වැඩසටහනක් පවත්වන ලදි

54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ එම් සි අබේකෝන් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩීසි ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදෙස් පරිදි 541 පාබල බලසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් අයි පී ජයසිංහ ආර්ඩබ්ලිව්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මගපෙන්විම යටතේ 10 (ස්වේ) ගැමුණු හේවා බලඇණිය ඒකකයේ අණදෙන නිලධාරි මේජර් ආර් එම් එච් කාරුණාරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පුර්ණ අධික්‍ෂණය යටතේ 541 පාබල බළසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි ලුතිතන් කර්නල් ඒ ජි සි කේ අරඹේගොඩ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සහභාගිත්වයෙන් මන්/නොච්චිකුලම් රෝමානු කතෝලික දමිළ මිශ්‍ර පාසලේ ඉගෙනුම ලබන සිසු/ සිසුවියන් සඳහා දිවා ආහාර වේලක් ලබා දිමේ වැඩසටහනක් ක්ලීන් ශ්‍රි ලංකා වැඩ සටහන යටතේ 10 (ස්වේ) ගැමුණු හේවා බලඇණියේ නිලධාරින් සහ සෙසුනිළයින් විසින් මෙම වැඩ සටහන පවත්වන ලදි. තවද, යුද්ධ හමුදාව සහ සිවිල් වැසියන් අතර සුහදත්වය ඇති කිරිම සදහා 2025.09.09 මෙම වැඩ සටහන සිදුකරන ලදි.