Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

12th September 2025 18:58:29 Hours

54 පාබල සේනාංකයෙහි 15 වන සංවත්සරය සමරයි

54 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ එම් සි අබේකෝන් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මග පෙන්විම යටතේ 2025 සැප්තැම්බර් 10 වන දින සිය 15 වන සංවත්සරය ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සමරන ලදී.

15 වන සංවත්සරයට සමගාමීව 54 වන පාබල සේනාංකයේ කාර්ය මණ්ඩලය විසින් 2025 සැප්තැම්බර් 05 වන දින විවිධ ආගමික කටයුතු සංවිධානය කරන ලදී. හින්දු ආගමික වතාවත් මන්නාරම තිරුකේතීස්වරම් කෝවිලේදීද, ඉස්ලාමීය ආගමික වතාවත් මන්නාරම පල්ලියේදීද, කිතුනු ආගමික වතාවත් මන්නාරම පල්ලියේදීද පැවත්වන ලදි.

එම සංවත්සරයට සමගාමීව 54 වන පාබල සේනාංකයේ කාර්ය මණ්ඩලය විසින් 2025 සැප්තැම්බර් 07 වන දිනට යේදි තිබු බිනර පොහොය දින තන්තිරිමලේ රාජමහා විහාර භූමියේදි එදින සිල්සමාදන්වු උපසාක උපාසිකාවන් සදහා උදෑසන දානය පිලි ගැන්වු අතර, එදිනම එම විහාරස්ථානයේදි කිරිබත් දන්සලක් සුදානම් කර විහාරස්ථානය වෙත පැමිණි බැතිමෙතුන් හට බෙදා දෙන ලදි.

2025 සැප්තැම්බර් 07 වන දින මෙම සේනාංකය තුල පිහිටි "මනු වෙහෙර " විහාරස්ථානයේ දී බිනර පොහෝය දින සවස සේනාංකාධිපති තුමන්ගේ මග පෙන්විම යටතේ බෝධි පූජා පිංකමක් සිදුකරන ලදි.

සංවත්සර උත්සවයට සමගාමිව බසේමු/ඒකකයන්හි රාජකාරි නියුතු නිලධාරින් සහ සෙසුනිලයින්ගේ සුහදතාවය වර්ධනය කර ගැනිම පිණිස 2025 අගෝස්තු 27 සිට සැප්තැම්බර් 08 දක්වා ක්‍රිකට්, වොලිබෝල්, සහ කඹ ඇදීමේ තරඟ ඇතුළුව ක්‍රීඩා තරඟාවලියක් පැවැත්විණ.

උද්වේගකර ක්‍රිඩා තරගාලියකින් පසු 8 වැනි විජයබාහු පාබල රෙජිමේන්තුව ක්‍රිකට් ශූරයන් බවට පත් විය. 10 (ස්වේ) ගැහේබ ඒකකය වොලිබෝල් ශූරතාවයද, 4 විජයබාහු පාබල රෙජිමේන්තුව කඔ ඇදිමේ තරගයේ ශ්‍රරතාවය හිමිකර ගනිමින් තම ජවය හා ශක්තිය ප්‍රදර්ශනය කළේය.

2025 සැප්තැම්බර් 10 වැනි දින පැවති සංවත්සර උත්සවයේදී 54 පාබල සේමු වෙතින් සහ යටතේ පාලනය වනු ලබන පාබල බලසේනා මුලස්ථාන 3 ක් සහ ඒකක 5 කින් සංවිධානය කරන ලද විචිත්‍රවත් සේනාංක සම්මාන පෙළපාලියක් සේනාකාධිපති තුමන් හට පිරිනැමු අතර, එහිදි සේනාංකාධිපති තුමන් විසින් භඨ පිරිස් අමතන ලදි. එහිදි සේනාංකයේ සාර්ථකත්වය සඳහා භඨ පිරිස් විසින් ලබාදුන් දායකත්වය,කැපවිම පිළිබඳව සේනාංකාධිපති විසින් ප්‍රසංශා කළේය. එමේන්ම එදින සියළු නිල දිවා භෝජන සංග්‍රහයක් සහ රාත්‍රියේ විචිත්‍රවත් සංගිත සැදෑවක් පවත්වන ලදි.