Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

09th September 2025 21:55:21 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වන්නි ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් සුභ සාධන කටයුතු සිදුකිරිම

යුද්ධ හමුදාධිපතිතුමාගේ දැක්ම අනුව සහ ආසේමු (වන්නි) ආඥාපතිතුමාගේ සහ 56 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමාගේ මඟ පෙන්වීම මත 561 පාබල බසේමු බලසේනාධිපතිගේ පුර්ණ අධ්ක්ෂණය යටතේ 10 ශ්‍රිලපාහ ඒකක අණදෙන නිලධාරි සහ සියලු නිලයන්ගේ ශ්‍රම දායකත්වයෙන් යටතේ එම ඒකක බලප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් දෙකක් ආවරණය වන පරිදි සුභසාධන වැඩසටහන් කිහිපයක් 2025.09.05 වන දින සිදු කරන ලදි.

ඒ අනුව උයිලන්කුලම් සහ තෙන්නියන්කුලම් ග්‍රාම නිලධාරි වසම් දෙක ආවරණය වන පරිදි ජල පිරිපහදු යන්ත්‍රයක් ස්ථානගත කොට ජන සතු කරන ලදි. මින් ප්‍රදේශයේ පවුල් 300 ට අධික ජනතාව සදහා පානීය පිරිසිදු ජල අවශ්‍යතාවයන් සපුරාලීමට හැකියාව ලැබේ. තවද ප්‍රදේශයේ තෝරා ගත් අඩු ආදායම් ලාභි ගැබිණි මව්වරුන් 50 දෙනෙකු සදහා උපකරණ කට්ටල බෙදාදිමද මෙම අවස්ථාවේදි සිදු කරන ලදි. උත්සව අවසානයේදි පැමිණි සිටි 650 ට අධික සිවිල් වැසියන් සදහා ප්‍රනීතවත් දිවා භෝජන සංග්‍රහයක් පවත්වන ලදි.

මෙම සියලු සුභසාධන කටයුතු සදහා මුල්‍ය අනුග්‍රහක දායකත්වය ලබාදෙනු ලැබුවේ ශ්‍රි ලංකා යුද්ධ හමුදා මුලස්ථානයේ ප්‍රධාන නීති උපදේශක විනිසුරු අධිනිතිඥ ජනරාල් බ්‍රිගේඩියර් ආර්.ඩී.ඕ පතිරණගේ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහ එතුමන්ගේ පවුලේ ඥාතින් විසිනි.

මෙම උත්සව අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ආරක්ෂක සේනා (වන්නි) අඥාපති තුමන් සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදා මුලස්ථානයේ ප්‍රධාන නීති උපදේශක තුමන් සහභාගි වන ලදි. තවද 56 පාසේමු සේනාංකාධිපති, 561,562, හා 563 පාබසේමු බලසේනාධිපති වරුන් සහභාගි වන ලදි.