09th September 2025 12:20:25 Hours
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව වයිල්ඩි “ටස්කර්ස්” ආයතනය එක්ව 212 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් බීඒඑම්පී බාලසූරිය ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර්ණ අධීක්ෂණය යටතේ කලා වැවේවැව් තාවුල්ලෙහි අලින්ගේ ජීවන රටාවට බාධාවන පරිදි වැවී තිබූ ආක්‍රමණික ශාකයන් වන අගඩන් සහ ජපන්ජබර ඉවත් කිරීමේ වැඩසටහන 2025.09.05, 06 සහ 07 වන දිනයන් තුල සිදුකිරිමට සැලසුම් කර ඇත. ඒ අනුව 2025. 09.05 වන දින 0900 සිට පැයේ සිට 1300 පැය දක්වා කාලය තුල අනුරාධපුර කලා වැවි පිටියේ කලාගම ආශ්‍රිතව අක්කර 10කට ආසන්න ප්‍රමාණයක මෙම ශාකයන් ඉවත් කිරීම සිදු කරන ලද අතර ඉතිරි ප්‍රමාණය 2025.09.06 හා 07 දෙදින තුළ බලලු වැව් පිටියේ සිදුකිරීමට සැලසුම් කර ඇත.
ඒ සඳහා 7 ශ්‍රිලසසබ ,1 ගඡබා රෙජිමේන්තුව ,4ශ්‍රිලංජාආබමු ඒකක භට පිරිස් හා ශ්‍රී ලංකා නාවික හමුදාව,ශ්‍රී ලංකා ගුවන් හමුදාව, වනජීවී දෙපාර්තමේන්තුව,මහවැලි අධිකාරිය වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා රාජ්‍ය ආයතන පුද්ගලික ආයතන සිවිල් සංවිධාන හා සිවිල් වැසියන් සහභාගී වන ලදි. මෙම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා ඒ ඒ ආයතන වශයෙන් සහභාගි වූ සංඛ්‍යාවන්හි විස්තරය සහ ඡායාරූප පහත සදහන් පරිදි වේ.
අ. 7 ශ්‍රි ලංකා සන්නා සන්නද්ධ බලකාය - 02 x 50
ආ. 1 වන ගඡබා රෙඡමෙින්තුව - 01 x 50
ඇ. 4 ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ - 02 x 100
ඈ. ගුවන් හමුදාව - 01 x 50
ඉ. නාවික හමුදාව - 01 x 50
ඊ. රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන - 150
උ. සිවිල් සංවිධාන - 50