Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

26th August 2025 12:16:59 Hours

යාන්ත්‍රික බෝට්ටු පාරු අගුල් ක්‍රියාකරවීමේ පුහුණු වැඩමුලුව සාර්ථකව අවසන් කරන ලදි

21 පාබල සේනාංකාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව, 211 පාබල බළසේනාධිපතිතුමන්ගේ සම්බන්ධිකරණය යටතේ යාන්ත්‍රික බෝට්ටු පාරු අගුල් ක්‍රියාකරවිමේ පුහුණු වැඩමුලුවක් ශ්‍රිලංකා යුධ ඉංජිනේරු පුහුණු පාසල - තුංකම ඇඕලිපිටියහි 2025.08.15 දින සිට 2025.08.22 දින දක්වා සාර්ඛතව පවත්වන ලදී.මෙම සේනාංක බළප්‍ර දේශය තුල ඇතිවන හදිසි ගංවතුර තත්වයන් හා ජලගැලීම්, වැසි ආපදා තත්වයන්ට ක්ෂණික ප්‍රථිචාර දැක්වීම සහ භඨපිරිස් ඵලදායීව පැවරෙන ආපදා කළමණාකරණ රාජකාරීන් වෙනුවෙන් යොමුකිරීමේ කාර්යක්ෂමතාවය වර්ධනය කිරීම අරමුණු කරගනිමින් මෙම වැඩමුලුව සංවිධානය කරනු ලැබූ අතර ඒ සදහා මෙම පාබල සේනාංකය යටතේ පාලනය වන ඒකකයන්ට අයත් නිලධාරියෙකු හා සෙසුනිළයින් 15දෙනෙකු සහභාගී විය.