14th August 2025 17:39:01 Hours
212 වන පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් බී ඒ එම් පී බාලසූරිය ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිළාරීගේ උදාර සංකල්පයකට අනුව, 212 පාබල බළසේනාවෙහි සහ යටතේ පාලනය වන 7 (ස්වේ) ශ්‍රීලසසබ හා 4 ශ්‍රීලංජාආබමු ඒකකයන්හි රාජකාරී කරනු ලබන බළලත් නිලධාරීන් හා ජ්‍යෙකොනොනින් වෙනුවෙන් 2025 අගෝස්තු මස 11 වන දින ජ්‍යෙකොනොනි පුහුණු වැඩමුළුවක් 212 පාබල බළසේනා මූලස්ථානයහිදී පවත්වන ලදි.
මෙම පුහුණු වැඩසටහන තුලදී පහත සඳහන් මාතෘකා යටතේ ආරාධිත දේශකයින් විසින් දැනුවත් කිරීමේ දේශණයන් සිදුකල අතර, මේ සඳහා 21 පාබල සේමු, 212 පාබල බසේමු, 7 (ස්වේ) ශ්‍රීලසසබ හා 4 ශ්‍රීලංජාආබමු වෙතින් බළලත් නිලධාරීන් හා ජ්‍යෙකොනොනින් සහභාගී වන ලදි.
අ. යුද්ධ හමුදා සිරිත් විරිත් පිළිබඳ දේශණය.
ආ. ගිනි නිවීම පිළිබඳ දේශණය හා එම උපකරණ හැසිරවීම පිළිබඳ ප්‍රායෝගික පුහුණුව.
ඇ. සලාක පිළිවෙත හඳුන්වාදීම, අමු/වියලි සලාක ඉල්ලුම් කිරීම, නිවැරදිව ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ දේශණය.
ඈ. ක්ෂේත්‍ර රාජකාරීන් හා වැඩ සංවිධානය පිළිබඳ දේශණය.